SRILANKAN NEWS

ශ්‍රීලනිපය දෙකඩ කරන්න ජේ.ආර්. මහින්දට මුදල් දුන්නා : චන්ද්‍රිකා

chandrika_චන්ද්‍රිකාහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජේ ආර් ජයවර්ධන පාලන සමයේදී එක්සත් ජාතික පක්ෂයෙන් වැටුප් ලබාගත් බවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය චෝදනා කර තිබේ.

ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනපති ධූරය දැරූ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සදහා රාජපක්ෂ මහතාට මුදල් ලබාදී ඇති බවයි.

එසේ මුදල් ලබාගත් පුද්ගලයින් අතරට නිදහස් පක්ෂයේ හිටපු දැවැන්තයකු වූ මෛත්‍රීපාල සේනානායක මහතාද වන බවයි හිටපු ජනපතිනිය කියා සිටියේ. එසේ මුදල් ලබාගත් බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පවා තමන් සතුව පවතින බවයි ඇය කියා සිටියේ.

ඒ හේතුවෙන් මෙම අනාවරණය පිළිබද තමන්ට නඩු පැවරීමට ඔහු ඉදිරිපත් නොවනු ඇති බවයි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තැත් කරන බවටද හිටපු ජනපතිනිය මෙහිදී චෝදනා එල්ල කළා. ඉදිරියේදී පක්ෂයට එන අය භාර ගැනීමටත් නොපැමිණෙන අය අතහැර දැමීමටත් කටයුතු කරන බවද ඇය අවධාරණය කරනු ලැබුවා.

– Global Tamil News : Sinhala