පැපිලියාන ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

රත්මලාන – නුගේගොඩ මාර්ගයේ පැපිලියාන ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

යතරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගේට්ටුවක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top