කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනේ..

කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනේ. උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කෙරේ.

මෙම ක්‍රීඩා සංකීර්ණය කඩිනමින් අවසන් කිරීමට හා ජනතා අයිතියට පත් කිරීම සඳහා ඉතිරි ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 141.9ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉටු කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top