ජපන් විදේශ කටයුතු ඇමැති අද දිවයිනට..

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු වීම විශේෂත්වයකි.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ඉහළ නිලධාරින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top