දොම්පේ ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..

දොම්පේ මාලින්ද ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් ජාවාරමක් දොම්පේ පොලීසිය විසින් වටලා තිබේ. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ මෙම වැටලීමේදී සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

දොම්පේ මාලින්ද ප්‍රදේශයේ වගුරු බිමක් ආශ්‍රිතව මෙම ජාවාරම සිඳුකරගෙන ගොස් ඇති අතර, වැටලීම මගින් රුපියල් ලක්ෂ විසි පහකට අධික වටිනාකමකින් යුත් ගෝඩා බැරල් 106ක් සහ මත්පැන් නිෂ්පාදනයට භාවිත කරන උපකරණ රැසක් ද සොයා ගෙන තිබේ. දොම්පේ පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top