මෙවර පළාත් පාලන මැතිවරණයට තැපැල් ජන්දය සඳහා 5 ලක්‍ෂ 60 දාහක් සුදුසුකම් ලබයි..

මෙවර පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත්වලින් පුද්ගලයින් 560,000ක් පමණ පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.

තැපැල් ඡන්ද හිමියන්ගේ නාම ලේඛනය ලබන 08 වන දා සහතික කිරීමෙන් අනතුරුව තැපැල් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක කොමසාරිස් සමන් රත්නායක මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජනවාරි 25 සහ 26 යන දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top