බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙනවා – අජිත් පී පෙරේරා

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්, මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීම නිවැරදි පත් කිරීමක් බව කොමිසම පිලිගෙන ඇති බවයි.

එමගින් අග්‍රාමාත්‍යවරයාට ඇතමුන් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බැවින් බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබාදෙන බවට බී.බී.සී සන්දේශය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top