මාධ්‍ය විසින් සාවද්‍ය ප්‍රචාර සිඳු කිරීමෙන් වෙනස් විය යුතුයි නැතිනම් වෙනස් කරවනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍යවලට අනතුරු අඟවා තිබේ.
යාපනය මානගර සභා මැතිවරණයට තරඟ කරන දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයන්ට සහාය පළකර නාවාන්තුරයි ඔස්මානියා විදුහල අසල ඊයේ ඉරිදා දින පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමකදී සුමන්දිරන් මහතා මේ බව පවසා සිටියේය.
‘උතුර නැගෙනහිර හැර සෙසු පළාත්වල මහ ඇමැතිවරුන් සහ විපක්ෂ නායකයන් පැමිණියා. ඔවුන් ඉඩම් බලතල ලැබිය යුතු යැයි ඉල්ලා සිටියා, නීතිය හා සාමය බලතල තමන්ට ලබාදිය යුතු යැයි ඉල්ලා සිටියා, ආණ්ඩුකාරවරයාගේ බලතල සම්පූර්ණයෙන් අඩුකරන්නැයි ඉල්ලා සිටියා, මේ සියල්ල එම අතුරු වාර්තාවෙහි සඳහන් කර තිබෙනවා.
එම අතුරු වාර්තාවේ පළමු පිටුවල සඳහන් කර තිබෙනවා පාලන ක්‍රමය වෙනස් කළ යුතු බව, දෙමළ සියල්ලම බොරු ප්‍රචාරයක් සිඳු කරනවා, අතුරු වාර්තාවේ නැති දේවල් පවසා සිටිනවා. ඒකීය රාජ්‍ය කියන්නේ ඔරුමිත්ත නාඩු යැයි පවසා තිබෙනවා. ඒකීය රාජ්‍යක් යනු එක්සත් රාජ්‍යක් නොවන බව බොහෝ අවස්ථාවල පවසා තිබෙනවා. නමුත් මාධ්‍යවල හිතා මතාම බොරු ප්‍රචාරයක් දියත් කරනවා. මාධ්‍ය ආයතන තරහ කරගත්තේ නම් මැතිවරණය ජයග්‍රහණය කරගන්න බැහැ කියලා ඇතමුන් කියනවා. සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරහෙිව ජයග්‍රහණය කරන්නෙමු. බොරු කියන මාධ්‍යවලට බියෙන් මැතිවරණය ජයගන්නේ නැහැ.
සියළු ජන කොටසක්ම පිළිගත හැකි විසඳුමක් කරා ගමන් කරමින් සිටින අවස්ථාවක එය කඩාකප්පල් කිරීමට ඇතම් දේශපාලකයන් කටයුතු කරන ආකාරයෙන් ඇතැම් මාධ්‍ය ආයතන ද කටයුතු කරමින් සිටිනවා. එමෙන් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වෙනස් විය යුතුයි. නැතිනම් වෙනස් කරනවනවා මන්ද, සත්‍ය කිසි දිනක වසන් කළ නොහැක. අතුරු වාර්තාවේ නැති දෙයක් තියෙනවා යැයි කීම අමූලික බොරුවක්. එවැනි කටයුතුවලට අපි කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ‘ යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
Add Comment