පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා 11දා තැපෑලට

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව නිල තැපැල් ඡන්ද දැක්වීම් පත‍්‍රිකා තැපෑලට බාරදීම ලබන 11දා සිදුකිරීමට නියමිත බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

එමෙන් ම තැපෑලෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින්ගේ නාමලේඛන ඊයේ (08) දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහතික කෙරුණු බවද ඒ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හා පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 22දා සිදුකරන අතර සෙසු රාජ්‍ය නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 25 සහ 26දෙ දින තුළ සිදුකිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top