මන්නාරමේ පොලිස් විශේෂ කාර්ය බලකාය රැඳී සිටි ඉඩම අදාළ දෙපාර්තුමෙන්තුවට භාර දෙයි..

mannarමන්නාරම ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ රැඳී සිටි පොලිස් විශේෂ කාර්ය බලකාය එයින් ඉවත්වී එම ඉඩම අදාළ දෙපාර්තුමෙන්තුවට භාරදී ඇති බව වාර්තාවේ.

ඉකුත් පුහුණු මධ්‍යස්ථානය ඇතුළු ඉඩම අදාළ දෙපාර්තුමෙන්තුවට යළි ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා කළ ඉල්ලීමකට අනුව, මේ සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ද යොමු කිරීමෙන් අනතුරුව අද දින එම ස්ථානයේ රැඳී සිටි පොලිස් විශේෂ කාර්‍ය බළකාය ඉවත්ව ගොස් ඇති අතර, ඉකුත් පුහුණු මධ්‍යස්ථානය දෙපාර්තුමෙන්තුවට භාරදී ඇති බව වාර්තාවේ.

මීට පෙර හමුදා කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය ඉකුත් පුහුණු මධ්‍යස්ථානය ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්‍ය බළකායේ දිස්ත්‍රික්ක මූලස්ථානය ලෙස ක්‍රියාත්මකවුණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top