SRILANKAN NEWS

පොලිස් සිරමැදිරියේ සිටි තරුණයෙකු සියදිවි නසාගනී

පිටකොටුව පොලිසිය විසින් අත්ඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළදී සිය ඇදුම් උපයෝගි කරගනිමින් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

හපුතලේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු මෙලෙස සියදිවි නසාගෙන තිබේ. ගංජා තොගයක් ළග තබාගෙන පිටකොටුව බැස්ටියන් මාවතේ රැදී සිටියදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.