කන්කසන්තුරයි වරාය සංවර්ධනයට ඉන්දිය රජයේ සහාය

කන්කසන්තුරයි වරාය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27(රු.බි. 6.9) ක මූල්‍යාධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට ඉන්දීය අපනයන හා ආපනයන බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ඩේවිඩ් රස්කානාත් (Rasquinah) මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් පසුගිය දින නවදිල්ලියේ දී අත්සන් තබා ඇත.

මෙම මූල්‍ය ආධාර යටතේ දියකඩනය හා දැනට පවතින ජැටිය පුනරුත්ථානය කිරීම, වාණිජ භාණ්ඩ මෙහෙයුම් සඳහා නව ජැටියක් පිහිටුවීම හා වරාය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම වැනි කටයුතු සිඳු කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top