පොහොට්ටුවේ පිරිසක් නිදහස් පක්‍ෂයට සහ එ.ජා.ප. එක්වෙයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ සහ මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව තිබේ.

මේ අතර, කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

කොළොන්නාව එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාගේ මඟපෙන්වීම යටතේයි ඔවුන් මෙලෙස එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top