තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාල සෙසු දිස්ත්‍රික්ක සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා අද දිනයේදී තැපෑලට බාර දෙන බව මැතිවරණ කොමිසම පවසයි.

දිස්ත්‍රික්ක 08ක් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා ඊයේ දිනයේ නිකුත් කිරිමට මැතිවරණ කොමිසම් සභාව පියවර ගෙන තිබිණි.

ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු පසුගිය 11 වනදා සිදු කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු දින දෙකකින් කල්දැමිමට එම කොමිසම පියවර ගත්තේය.

ගෘහ දැන්වීම් ලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් සහ තැපැල් වර්ජනයක් සිදු කරන බවට තැපැල් වෘත්තිය සමිති සිදු කළ ප්ර්කාශ හේතුවෙන් මෙම පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් මේ වන විට මෙම සියළු කාරණා ගැටළු සහගත තත්ත්වයකට පත්නොවීම හේතුවෙන් සෙසු දිස්ත්‍රික්ක සඳහා අද දිනය තුළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේය.

මේ අතර නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන 18 වනදා තැපෑලට භාරදෙන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top