මගී ප්‍රවානය සඳහා විදුලි බස් රථ 18ක්

කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.

විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත.

ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත.

එම මුදලෙන් පලමු අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා තව දුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top