අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 900ක් විනාශ කෙරේ..

අත්අඩංගුවට ගන්නා අන්තරාදායක මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පසුගිය දින ජනාධිපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක සිදු කෙරිණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා ඉන්දියාව තෙක් ප්‍රවාහනය කිරීමට සැලසම් කොට තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 900කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීම සිදු විණි.

මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම පිළිබඳ ව නීතිපතිවරයාගේ විමසීමෙන් අනතුරුව, විෂ මත්ද්‍රව්‍ය අබින් සහ අන්තරායදායක ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝගයක් මත විනාශ කිරීම සිදු කොට ඇත.

රුක්ෂලතා, ජලය, වාතය, සතුන් හා මහජනතාව නොමැති පරිසර තත්ත්වයක් යටතේ සෙල්සියස් අංශය 2000ක තාපාංකයකින් විනාශ කිරීම සිදු කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top