SRILANKAN NEWS

මානික්කමඩු ප්‍රදේශයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය : හෙට විශේෂ රැස්වීමක්

puthamatham3අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් මානික්කමඩු ප්‍රදේශයේ පිහිටි මායක්කල්ලි ගල් පර්වතය මත පසුගිය සෙනසුරාදා දින පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශවාසීන් අතර භීති සහගත තත්වයක් ඇතිවී තිබේ.

මේ අතර, බුදු පිළිමය තැන්පත් කළ ගල් පර්වතයට පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ. එමෙන් මේ සම්බන්‍ධයෙන් හෙට දින අම්පාර දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව අම්පාර දිස්ත්‍රික්ක ලේකම් තුෂිත පි. වණසිංහ මහතා පවසා තිබේ.

ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, ඉරක්කාමම් ප්‍රදේශිය ලේකම් කොඨාශයේ ඉරක්කාමම් 07 ග්‍රාම සේවා වසම යටතේ මානික්කමඩු, නල්ලතන්නි මලයි, සහ කුඩුවිල් යන ගම්මාන පිහිටා තිබේ. ඉකුත් ප්‍රදේශයේ පවුල් 150ක පමණ දෙමළ සහ මුස්ලිම් ජනතාව ජීවත්වෙති.

එම ගම්මානයේ ප්‍රධාන මාර්ගයට අසන්නයේ මායක්කල්ලි නමින් ගල් පර්වතයක්ද තිබෙන අතර, අවට ප්‍රදේශයේ සිංහල ජාතිකයන් කිසිවකු පදිංචිවී නොමැත. පසුගිය සෙනසුරාදා දින පෙරවරු 9ට පමණ හදිසියෙන්ම එම ප්‍රදේශයට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් පිරිසක් මායක්කල්ලි ගල් පර්වතය මත බුදු පිළිමයක් තැන්පත් කර තිබේ.

එම අවස්ථාවේ එහි පැමිණි ප්‍රදේශවාසීන් වෙත, “මෙම ගල් පර්වතය බෞද්ධ ජාතිකයන්ට අයත් පුරාවිද්‍යා රක්ෂිතයක් බවත්, එහි බුදු පිළිමයක් තැන්පත් කිරීමට තමන් නිසි අනුමැතිය ලබා ඇති බවද පවසා තිබේ. තවද තමන්ට අමාත්‍යවරයකු සහාය ලබාදී තිබෙන බවද පවසා තිබේ.

කෙසේ නමුත් මෙලෙස හදිසියෙන්ම බුදු පිළිමයක් තැන්පත් කිරීමෙන් ප්‍රදේශවාසීන් අතර බිය සහගත තත්වයක් ඇතිවී තිබේ. මේ සම්බන්‍ධයෙන් අම්පාර් දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත විමසූ විට

Amparai Buddha‘ මායක්කල්ලි ගල් පර්වතය බෞද්ධ පුරාවිද්‍යාවට සම්බන්‍ධ ස්ථානයක් බව පවසා එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට අනුමැතිය ලබා දෙන්නැයි ඇතම් පිරිසක් ඉල්ලා තිබුණි. ඒ සම්බන්‍ධයෙන් සොයා බලා නීතිමය අයුරින් තීරණයක් ගන්නා බව පවසා සිටියෙමි. එමෙන් එම ගල් පර්වතයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට මෙතෙක් අනුමැතිය ලබාදී නොමැත, කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා දින එම ගල් පර්වතයට ගිය පිරිසක් විසින් එහි බුදු පිළිමයක් තැන්පත් කර තිබේ.

එහි බුදු පිළිමයක් තැන්පත් කිරීමට එසැණින් budhist-stature-in-east-by-gerikaalaanඅනුමැතිය නොදීම හේතුවෙන් මට ද බැණ වැදී තිබේ. කෙසේ නමුත් මෙම සිද්ධිය සාමකාමීව විසඳා ගැනීමට හෙට දින අම්පාර දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී විශේෂ රැස්වීමක් සංවිධානය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, ප්‍රදේශයේ නොසන්සුන්තාවක් අවුළුවමින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙලීමට දරන උත්සාහයක් ලෙස පෙන්වා දෙමින් නැගෙනහිර මහ ඇමති හාෆිස් අහමඩ් නසීර් මහතා ද මෙම සිද්ධිය දැඩිසේ හෙලා දැක තිබුණි. බුදු පිළිමය පිහිටුවීමට යන සිංහල බෞද්ධ පිරිස්

රටේ සුලු ජාතීන් බියවද්දන ක්‍රියාකාරකම් යහපාලනය යටතේත් අවහිරයකින් තොරව කරගෙන යනු ලබන්නේදැ, යි සැක මතුවන බවත් දෙමළ හා මුස්ලිම් ජනතාව සියළු දෙනා සමඟ සාමකාමීව ජීවත්වීමට අපේක්‍ෂා කරන බවත්, තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා එම සමගිය කඩාකප්පල් කිරීමට කිහිප දෙනෙකු කුමන්ත්‍රණකාරි කටයුතු සිදුකරන බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබුණි.

– Global Tamil News : Sinhala