ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා අගමැති සහ ජනපති හමුවෙයි..

ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී සිඳුව තිබේ. මේ අවස්ථාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් ද එක්විය.

මේ අතර, රවි ශන්කර් ප‍්‍රසාද් මහතා, ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද හමුවිය.

ඉන්දියානු අමාත්‍ය රවි ශන්කර් ප‍්‍රසාද් මහතා ජනපති හමුවෙයිතොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනිමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළ අතර ඒ සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

ලක්ෂ්මන් කදිරගාමර් ගුණසමරු දේශනය පැවැත්වීම සඳහා රවි ශන්කර් ප‍්‍රසාද් මහතා මෙරට සංචාරයක නිරතවන අතර ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ අවබෝධතා ගිවිසුමකට ද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී අත්සන් තැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top