නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14ක් 19 දා සළකා බැලෙයි

නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් 14ක් ලබන 19 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ. අදාළ පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන සහ ශ්‍රිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

මහරගම නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 14 ක් සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top