තරුණයින් 11ක් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්‍ධ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු රිමාන්ඩ්

2008 – 2009 වසර වලදී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියේ 9 වැනි සැකකරු වන කස්තුරිගේ ගාමිණි නැමැති හිටපු බුද්ධි අංශ නිලධාරී අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනවාරි 25 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කර තිබේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරික්ෂණවලට බාධා වන ලෙස ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න මහතාට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද දැඩිව අවවාද කර තිබේ.

අදාල නඩුව පෙබරවාරි 8 වැනි දා යළි කැඳවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top