රෝහල් සංවර්ධනයට චීන රජයෙන් ආධාර

චීන ආධාර මත රෝහල් රැසක් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගම්පහ මීරිගම මුලික රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

චීන රජයේ ආධාර යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිතය ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 2000 කි. බාහිර රෝගී අංශය, හදිසි අනතුරු අංශය, රසායනාගාර සේවා, විකිරණ ඒකකය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුලත් සංකීර්ණයක් මෙහි ඉදිකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

චීන රජයේ ආධාර යටතේ බේරුවල දර්ගා රෝහල, අලුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත. ඒ සදහා වූ අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරියේ දී ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top