ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද (18) දිනයේ සිට ආරම්භ කරන බවත් ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින් දැනුවත් කර ඇති බවත් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන පෙබරවාරි මස තුන්වන දින දක්වා සිදුකිරීමට සැළසුම් කර තිබේ.

විශේෂ බෙදීමේ දිනයක් ලෙස ජනවාරි මස 28 වන ඉරු දින ප්‍රකාශයට පත් කර ඇති බවද තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top