ගම්පොල ප්‍රදේශයේදී කසල තේ ගබඩාවක් වටලයි..

රහසිගතව පවත්වාගෙන ගිය කසල තේ අඩංගු ගබඩාවක් ගම්පොල විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් විසින් වටලා තිබේ. එහිදි කසල තේ ඇතුළු විෂ තේකොල කිලෝග්‍රෑම් 3159 ක් සමග ගබඩා හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

උඩුනුවර දවුලගල බඹරදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ගබඩාවේ වැටලීම සිඳුකරන අවස්ථාවේ දී කසළ තේ වලින් කොටසක් ඇසුරුම් කර කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර සිටි බව නිලධාරීන් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top