කන්තලේ ප්‍රාදේශීය සභාවට කාන්තා අපේක්ෂිකාවන් පමණක් වූ ලැයිස්තුවක්

පළාත් පාලන මැතිවරණය සදහා කාන්තාවන් පමණක් ඉදිරිපත්වන අපේක්ෂිකා ලැයිස්තුවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තගල් ප්‍රාදේශිය සභාවට ඉදිරිපත්ව තිබෙි.

කන්තලේ ප්‍රාදේශිය සභාවට ස්වාධීන කණ්ඩායමක් ලෙස අරුලානන්දන් ජෙරාවදිනිගේ නායකත්වයෙන් යුක්තව එම කණ්ඩායම තරග වදිති.

මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂිකාවන් 13 දෙනෙක් හා අතිරේඛ ලේකනයට අපේක්ෂිකාවන් 11 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

එහි සිංහල මුස්ලිමි හා දෙමළ යන සියලුම ජාතින්ගෙන් සැදුමි ලත් අපේක්ෂිකාවන් සිටින අතර මැතිවරණ ඉතිහාසයේ කාන්තාවන් පමණක් එක් කණ්ඩායමකින් ඉදිරිපත්ව ඇති පළමු අවස්ථාව මෙය බව වාර්තාවෙි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top