විදුහල්පතිවරිය දණ ගැස්සවීම ගැන අධ්‍යාපන ඇමැති වාර්තාවක් ඉල්ලයි..

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණගැස්ස වූ බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සහ අදාළ විදුහල්පතිවරිය ක්‍රියා කළ ආකාරයත්, මහ ඇමතිවරයා අධ්‍යාපන බලධාරීන්ට යම් බලපෑමක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාට උපදෙස් ලබා දී තිබේ.

විදුහල්පතිවරිය මුල් අවස්ථාවේදී අදාළ සිදුවීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙය යම් දේශපාලනික සිදුවීමක් සේ පෙනී ගියද, මේ වනවිට ඉදිරිපත් වී ඇති කරුණු මත වහා මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාව මතු වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම සිදුවීමේ දී සත්‍ය තත්ත්වය වසන් කිරීම සඳහා මැදිහත්වී ඇති බවට පැවසෙන ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ සෙසු පළාත් අධ්‍යාපන ප්‍රධානීන් අදාළ සිදුවීමේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව ද සොයා බලා කරුණු වාර්තා කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top