මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු මෙතෙක් නිවැරදිව සහ පිරිසිදුව සිදුවූවා සේම එහි ඉදිරි කටයුතු ද නිසි අයුරින් සිදුකිරීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් භාරගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමග ඊයේ(23) පස්වරුවේ පිටකොටුවේදී පැවති හමුවක් අමතමිනි.
මහබැංකු බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩුවී ඇති බවට ඇතැමුන් කෑ ගැසුවද එහි පිටු අඩුවීමක් කිසිසේත් සිදුව නොමැති අතර, සිදුව ඇත්තේ පරික්ෂණ කටයුතු නිම වනතුරු රහස්‍යභාවය ආරක්ෂා කළයුතු ඇතැම් අනු ලේඛන පවතින බැවින් නීතිමය කටයුතු යම්තාක් දුරට ඉදිරියට කි‍්‍රයාත්මක වන තුරු එම ලිපි ලේඛනවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට සිදුව තිබීම බව ද ජනාධිපතිතුමා පැවසීය. ඒවා එළිදැක්වීම තුළ චෝදනාවලට ලක්වූවන්ට අයුතු වාසි ලබාගැනීමට හැකියාව පවතින බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
Add Comment