ඌව අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට සිතාසි

ඌව පළාත් මහ ඇමතිවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්. බවානි මහත්මිය දණ ගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය සඳහා හෙට (25) උදේ 10ට පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිෂන් සභාව ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල ඇතුලු පිරිසකට සිතාසි නිකුත් කර තිබේ.

ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වව මහත්මියට අමතරව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ මහතා, බදුල්ල පොලිස් ස්ථානාධිපති වරයාසහ පළාත් සභා සේවකයින් තිදෙනෙකු මෙසේ කැඳවා ඇත.

මීට අමතරව වින්දිත පුද්ගලයා ලෙස විදුහල්පතිනියද පැමිණිලි කරුවන්ද හෙට දින කැඳවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top