කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරයෙකුට දරුණු ලෙස පහරදීලා

කිළිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ ගුරුවරයෙකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

පහරකෑමට ලක් වූ ගුරුවරයා මෙම සිසුන්ට විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පහර දී ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු ගුරුතුමාට පහර දී ඇත.

තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිළිනොච්චිය රෝහල් පොලීසිය අදාල ගුරුවරයාගෙන් ලබා ගත් කට උත්තර මත සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයින් හයදෙනෙකු හඳුනාගෙන තිබේ.

පොලීසිය මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය දිසා විනිසුරු ඒ.ඒ.ආනන්ද රාජා මහතාට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කොට තිබේ.

පොලීසිය එම සිසුන් හයදෙනා අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. දිසා විනිසුරුවරයා විසින් සිසුන් හයදෙනා ලබන මස 7 වැනිදා දක්වා යාපනය ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස උපදෙස් දී ඇත.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ
ලංකා ඊ නිව්ස්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top