විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිද්ධියට සම්බන්‍ධ හය දෙනෙකු අද මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සහ ප්‍රකාශයක් ලබාගැනීම සදහා වග උත්තරකාර පාර්ශ්වයට හයදෙනකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර තිබේ.

ඒ අනුව ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, බදුල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, බදුල්ල පොලිස්‌ ස්‌ථානාධිපති, ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක සහ එම ඒකකයේ තවත් සේවකයින් දෙදෙනකු අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ ලංකා ගුරු සංගමය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද පැමිණිල්ලක්‌ මත මෙම කැදවීම සිදුකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top