ශ්‍රී ලංකා – බංග්ලාදේශය අවසන් මහා තරගය අද

සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මීර්පූර්හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරග 43ක් පවත්වා ඇති අතර ඉන් තරග 35ක ජය ශ්‍රී ලංකාව හිමි කරගනෙ ඇති අතර තරග 6ක් බංග්ලාදේශය ජයගෙන තිබේ.

තරග 2ක් විසඳුමක් නොමැතිව අවසන් වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top