බංගලදේශයේ පැවැති තුන්කොන් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මීර්පූර්හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණි.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221ක් රැස් කළේය.

ජයග්‍රහණය සදහා ලකුණු 222 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 41.1 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

ඒ අනුව, ලකුණු 79 ක ජයක් හිමිකර ගනිමින් කුසලාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top