පරන්දන්හි සම්බන්‍ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දෙ.ජා.ස. මැතිවරණ ප්‍රචාරක රැළිය

කිලිනොච්චිය දී දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළිය ඊයේ (27) දින සවස පරන්දන් පොදු වෙළඳපොල අසල පැවැත්වුණි. එම අවස්ථාවට විපක්‍ෂක නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ද සහභාගි වූහ.

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්‍ෂකයන්ට සහාය පළ කර පැවැති මෙම රැළියට, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ශ්‍රී දරන් චාර්ල්ස් නිර්මලනාදන්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසුපදිපිල්ලයි, කුරුකුලරාජා අරියත්නම්, පක්‍ෂ අපේක්‍ෂකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවුහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top