කාබුල් නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තානයට ශෝක කාලයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ශෝක කාලයක් ප්‍රකාශයට පත්කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේදි පුපුරණ ද්‍රව්‍ය පිරවූ ගිලන් රථයක් යොදාගෙන එල්ලකල මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබේ.

තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි සදහන් ය.මෙම ප්‍රහාරය තම සංවිධානය විසින් දියත් කල බව තලේබාන් සංවිධානයද ප්‍රකාශ කොට තිබේ.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන රජය විසින් ඊයේ(28) දින ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top