දයා මාස්ටර්ට පහරදුන් පුද්ගලයාට ඇප

යාපනයේ සිට විකාශය කෙරෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දයා මාස්ටර්ට පහරදුන් පුද්ගලයාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (30) දින ඇප මත නිදහස් කර තිබේ.

පසුගිය මස 9 වනදා ඉකුත් පෞද්ගලික නාලිකාවට ඇතුල්වූ එම පුද්ගලයා එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දයා මාස්ටර්ට හෙවත් වේ. දයානිදිට පහරදී තිබුණි. අනතුරුව එහි සේවකයන් එම පුද්ගලයාව අල්ලා පොලිසියට භාරදී තිබේ. අදාළ පහර දීම සිදුවන අවස්ථාව අසල තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිණි.

අත්අඩංගුවට පත්වූ එම පුද්ගලයා යාපනය මහසේත්‍රාත් අධිකරණ නියෝගය මත අද දින දක්වා රිමාන්ඩ් භාරයට ගෙන තිබුණි. මෙවැනි තත්වයකදී අද දින ඉකුත් නඩුව විභාගයට ගත් අතර, සැකකරුව ඇප මත නිදහස් කිරීමට නියෝග කෙරුණු අතර, නඩුව ලබන මාර්තු 20 වනදාට කල් තැබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top