එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන් සහ එම සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් එක්වී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතාව ඝාතනය කළ බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හා හිටපු නියෝජ්‍ය ඇමැති කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා නොකළ බවත්, එම ඝාතනයෙන් පසු කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඉන්දිය රජය ප්‍රකාශයට පත් කළ බවද හෙතෙම පවසා තිබේ.
පක්ෂ අපේක්ෂකයන්ට සහාය පළ කර මඩකළපුවේ පැවැති රැස්වීමකදී කරුනා අම්මාන් මේ බව පවසා තිබේ. හිටපු කොටි සාමාජිකයන්ට උදව් කිරීමටත්, උතුර නැගෙනහිර පළාත්වල සැමියන් අහිමිවූ කාන්තාවන්ගේ ජිවනෝපාය නඟා සිටුවීම ඇතුළු හේතු ගණනාවක් මත තමන් වෙනම පක්ෂයක් පිහිටවූ බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment