සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමට නිවාඩුව ලබාදෙන්න – මැතිවරණ කොමිසම

සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව මැතිවරණ කොමිෂම පැවසීය.

සේවා නියුක්තිකයෙකුටම මෙම කාර්යය සඳහා දෙනු ලබන නිවාඩු කාල සීමාව,එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත,සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. නීතිය අනුව නිවාඩු ලබාගැනීම පිළිබඳව මෙයට පෙර පැවැති ඡන්ද විමසීම්වලදී සේවා නියුක්තිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම ඡන්දය විමසීමේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයන්ට,නීත්‍යාණුකූලව හිමිවන එම නිවාඩුව ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශ්වයේ සියලුම සේවා යෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top