තෙල් සංස්ථාවේ මහා පරිමාණ ඉන්ධන සොරකමක තොරතුරු එළියට..

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ දී එම ඉන්ධන සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු බවුසරවලින් ඉන්ධන කොටසක් වෙනත් බවුසරවලට මාරු කිරීමෙන් අනතුරුව ඉතිරි ඉන්ධන සඳහා භාවිතයට නුසුදුසු දැවි තෙල් පිරවීමේ ජාවාරමක් ඉතා සූක්‍ෂම ලෙස මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇැති බව පොලීසිය සඳහන් කරයි.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව ඉන්ධන ප්‍රවාහනයට යොදාගත් බවුසර දෙකක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top