ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු වෙත ඉල්ලීමක්..

ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු වෙත ඉල්ලීමක් කර තිබේ. රටින් එපිට ඊළාම් රජය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිතව තිබීම විශේෂත්වයකි.

යුද්දයෙන් පීඩාවට පත්වූ දෙමළ ජනතාවට යුක්තිය ඉටුකළ යුතු යැයි ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු යැයි ඉල්ලා තිබේ.

2009 වසරේ මාස හයක කාලයක් තුල දෙමළ වැසියන් 70 දාහක් ඝාතනය කළ හමුදාව එඩ්වර්ඩ් කුමරුට උත්තමාචාරය ලබාදීමට නියමිතව තිබේ. යුද්දයෙන් සැමියන් අහිමිවූ කාන්තාවන් 90 දාහක් උතුරේ ජීවත්වෙති. හමුදා කඳවුරුවල දෙමල කාන්තාවන් ලිංගික වහල්ලුන් ලෙස යොදා ගන්නා බවට ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය සැලස්ම පවසා තිබේ. යුද්දය පැවැති කාලයේදී සිදුවූ අපරාධ ක්‍රියාවලට දඞුවම් ලබාදිය යුතු බවට බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ශ්‍රි ලංකාව සම්බන්‍ධයෙන් යෝජනා සම්මත කළද මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවට රටින් එපිට ඊළාම් රජයෙන් චෝදනා කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top