පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම) අද (30) දහවල් 12ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් රැස්විය.
එහිදී පක්ෂ නායක රුස්වීමට එක් වූ බහුතර පිරිස පෙබරවාරී 06 දින පාර්ලිමේන්තුව රැස්කිරිමට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව එම දිනයට පාර්ලිමේන්තුව කැඳවීමේ ලිපිය අගමැතිවරයා විසින් කතානායකවරයායට යොමුකර තිබේ.
මීට පෙර මෙම විවාදය පෙබරවාරි 8 පැවැත්විය යතු බවට යෝජනා වූ අතර පළාත් පාලන මැතිවරණය හේතුවෙන් එම දිනය සම්බන්ධයෙන් ගැටළුකාරි තත්වයක් ඇතිවී තිබුණි.
Add Comment