හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (30) වරෙන්තු නිකුත් කර තිබේ.
සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව කුලි පදනම මත වාහන ලබා ගැනීමේ චෝදනා යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුවලට පෙනි නොසිටිම හේතු කොට ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.