ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අතුරු තහනම් නියෝගයක්

ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා තෙක් මෙම නියෝගය නිකුත් කර තිබේ.

එම නියෝගය ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා හා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාට දැනුම් දෙන ලෙසත්, ගඋත්තරකාර පාර්ශ්වවලට පෙබරවාරි පහළොස් වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top