SRILANKAN NEWS

ජනපති හා ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබද මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇල සංවර්ධනය සදහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිදු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සදහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සදහන් කළහ.

දිළිදුකමින් පීඩා විදින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සදහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබද කණ්ඩායම් නායක Kshatrapati Shivaji මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මීට එක්ව සිටී අතර ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජ පතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.