මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (31) වනදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කෝප් වාර්තාව ගැන සාකච්ඡා කර තිබේ.
දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට අගමැතිවරයාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්, කෝප් වාර්තාව පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය කඩිනමින් නීතිපතිවරයාට යැවීමෙන් අගමැතිවරයා දූෂිතයන්ට දඞුවම් ලබාදීමට අපේක්ෂා කරන බව පැහැදිලි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙන්වාදී තිබේ.
– Global Tamil News : Sinhala