දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දේශපාලන කටයුතු සඳහා ළමයින් භාවිත නොකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියළු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටී.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති වර්තමානයේදී ළමයින් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගී කර ගන්නා බවට මහජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත තොරතුරු ලැබී ඇත.

ළමයින්ව දේශපාලන කටයුතු වලට සහභාගී කර ගැනීම මඟින් ඔවුන්ව කායික හෝ මානසිකහිංසනයකට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් වේ.එවැනි සිදුවීම් වෙතොත් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා වහාම දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top