මාලඹේ සහ කැකිරාව ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

මාලඹේ සහ කැකිරාව ප්‍රදේශවලදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මාලඹේ ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මේ අතර කැකිරාව, එප්පාවල ප්‍රධාන මාර්ගයේ අටවන කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top