සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කිරීමට නියමිත හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුලු හිටපු උසස් පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කර තිබේ.
හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාට අමතරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහත්වරුන්ගේද විදෙස් ගමන් තහනම් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.