යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් ගුණතිලක

02 SL ARMY LOGO යුද හමුදාවශ්‍රී ලංකා යුද හමුදාවේ නව බුද්ධි අංශ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත් කර තිබේ.

මීට පෙර බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ බ්‍රිගේඩියර් සුරේෂ් සාලි මහතා වේ. බ්‍රිගේඩියර් සුරේෂ් සාලි මහතා ඔහු අයත් රෙජිමේන්තුවට මාරු කර යවා ඇති අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩී.යූ.වී. ගුණතිලක මහතා පත්කොට ඇත.

පසුගියදා පැවති පුරවැසි බලය සංවිධානයේ මාධ්‍ය හමුවේදී බ්‍රිගේඩියර් සුරේෂ් සාලිගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්වූ අතර, ඔහුව වහා තනතුරෙන් ඉවත්කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය යන සිවිල් සමාජ කණ්ඩායම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබුණි.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top