උදයංග වීරතුංග අත්අඩංගුවට

මෙරට අධිකරණය මගින් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි.

ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වනවිට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

මිග් යානා ගනුදෙනුවට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top