මාර්තු 01වනදා වන විට අතිවිශේෂ අධිකරණයක් ස්ථාපිත කරනවා – තලතා අතුකෝරළ

මාර්තු 01වනදා වන විට අතිවිශේෂ අධිකරණයක් ස්ථාපිත කර වැරදි සිදු කළ සියලු දෙනාට දඩුවම් ලබා දෙන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පසුගිය 02වනදා රත්නපුරයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ල්‍රධානත්වයෙන් පැවති ජන හමුවකදී ඇමතිවරිය මේ බව සදහන් කළාය.

එහිදී තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කියා සිටියාය.

“අපි ආවේ යහපාල‍නේ හදන්න. සමහර අය කොහොම කිව්වත් 2020 වෙනකල් මේ රටේ අගමැති රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියා ගන්න. එතුමා අගමැති වෙනකොට විජේතුංග මහත්තයා මේ ආසනයේ සංවිධායක වෙන කොට රත්නපුර දිස්ත්‍රික්කයට හැමදාම දීපු නායකත්වය මම ඕගොල්ලන්ට දෙනවා.

මේ අවුරුදු 05 ඉවර වෙන කොට 2020 වෙන කොට අතමිට සරු යූඑන්පීකාරයන්ට විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවට හොදින් ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් අපි හදනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top