පොහොට්ටුවෙන් සහ ජනසෙත පෙරමුණෙන් ජන්දෙට එකම අපේක්‍ෂකයෙක්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කර ඇති ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නාමයෝජනා ලැයිස්තු දෙකෙන්ම එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර ඇති බැවින් එය ලයිස්තු දෙකම බලරහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුළු තිදෙනෙක් ඊයේ (5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පක්ෂ දෙක සඳහා එකම අයෙක් තරග කරන බවත් එය පළාත් පාලන මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බවත් එම ප්‍රාදේශීය සභාවට තරග කරන මන්ත්‍රීවරුන් තේරී පත් වූවන් ලෙසට ප්‍රකාශයට පත් කිරීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස් සහ එහි සාමාජිකයෝ ද ගම්පහ දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා සහ පක්ෂ දෙකේ සියලුම මැතිවරණ අපේක්ෂකයන් ඇතුළු 109ක් නම් කරනු ලැබ සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top